අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට සහය දෙනවාද? නැද්ද? යන්න මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන් වගකිවයුතු වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
යුද්ධයෙන් මියගිය දෙමළ ජාතිකයන් සැමරීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අයිතිවාසිකමක් හා යුතුකමක් තිබෙන බව දෙමළ ජනතා සන්ධානයේ ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවජිලිංගම් මහතා පවසනවා. අධිකරණ නියෝග හරහා හෝ එම අයිතිය උල්ලංඝනය කළ නොහැකි බවයි සිවාජිලිංගම් මහතා පෙන්වා දෙන්නේ.
A group of backbench MPs have yet again requested Speaker Mahinda Yapa Abeywardena to issue duty free vehicle permits to MPs, Parliamentary sources say.
Refuting claims that he was behind the moves to ban chemical fertilizer, Ven. Athuraliye Rathana Thera said today that he was not aware of it until the Cabinet Paper prohibiting chemical fertilizer was presented to the Cabinet by the President.
අයවැය විවාදයේදී ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේද මන්ත්‍රීවරුන් නියමිත මාතෘකාවෙන් පරිබාහිරව දිගින් දිගටම අදහස් පළ කිරීම කණගාටුවට කරුණක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
The Government had released 18,000 MTS of substandard and hazardous stocks of TSP fertiliser to the farmers, despite its pledges to protect farmers from hazardous chemicals, National Peoples’ Power (NPP) MP Anura Kumara Dissanayake said yesterday.
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්, මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2022 වසර සඳහා ජා ඇල නගර සභාවේ අයවැය නගර සභා රැස්වීමට ඊයේ (26) ඉදිරිපත් කෙරුණු අතර එහිදී ද උණුසුම් තත්වයක් උද්ගත විය.
ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ද ණය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2016 නොවැම්බර් 30 හෝ ඒ ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතීන් අතර සංහිඳියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව 2022 මාර්තු 14 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය 24 වනදා නියෝග කළේය.
සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදීත් පළාත් සභාවේ මුදලින් වංචනික ලෙස රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා සහ වත්මන් ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප මත මුදා හැරීමටත් ඔවුන්ට එරෙහි නඩුව 2022 පෙබරවාරි 07 වනදා සිට විභාගයට ගැනීමටත් කොළඹ මහාධිකරණය පෙරේදා (24) නියෝග කළේය.
පොදුජන පෙරමුණට හෝ වෙනත් දේශපාලන පක්ෂවලට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නොමැති බව සමූපාකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
සාම්ප්‍රදායික ක්‍රම හරහා තවදුරටත් රට දියුණු කළ නොහැකි බවත් ඒ් සඳහා නව සංකල්පවලින් සමන්විත දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. ඇමරිකාව වැනි දියුණු රටවල එවැනි දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති ක්‍රියත්මක වන බවත්, වසර පහෙන් පහට පාලකයා මාරු වන නමුත් ජාතික ප්‍රතිපත්තිය මාරු නොවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
MP Mahinda Samarasinghe today resigned from Parliament to accept his new post as the Sri Lanka Ambassador of the USA.
Page 225 of 552