Wednesday, January 07, 2026
Follow Us
Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලාහුගල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද පරාජයට පත්ව තිබේ.

Political

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම දෙසැම්බර් මස 13 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

Political

2022 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවති ඊයේ දිනයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් වන්නේ අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් ප්‍රිය හේරත්, ටිරාන් අලස්, එම් එස් තවුෆීක් සහ විජයදාස රාජපක්‍ෂයි.

Political

එළඹෙන දෙසැම්බර් මාසයේදී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අදහස් හුවමාරුවක් සිදුවීමට නියමිත බැවින් එහිදී සිදුකිරීමට යන්නේ කුමක්දැයි පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Political

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙන්න හේතුව පර්ලිමේන්තුවේදී කියයි

Political

2022 අයවැය 3 වන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ ව්‍යවස්ථාපිත කටයුතුවල මූලික කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස සියලුම දිස්ත්‍රික්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී එම කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේදීයි.

Political

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි යනුවෙන් විපක්ෂය කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක්

Political

ආණ්ඩුව පිළිබඳව මෙන්ම විපක්ෂය පිළිබඳවද ජනතා විස්වාසය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

Political

The Political Authority of All Ceylon Makkal Congress (ACMC) has unanimously decided to suspend and take necessary disciplinary action against the three Parliamentarians of the Party who voted for the Budget 2022 in contradiction to the decision of the Party.

Political

පාස්කු ප්‍රහාරයට වත්මන් රජය වගකිව යුතු බව පැහැදිලිව ඔප්පු කර පෙන්වන බවත්, තමා කළ වරද සිහිවෙන බැවින් එහි කිසිදු නායකයකුට රාත්‍රියට නින්ද නොයන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Political

රසායනික පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් බරපතල අර්බුදයකට මැදිව සිටි ගොවි ජනතාව දැක්වූ විරෝධය හේතුවෙන් මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ආණ්ඩුවට සිදු වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.

Political

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රටට ලාභයක් සිදුවන බවට රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නට ඇත්තේ අනවබෝධය නිසා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

Political

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම තහනම් කරමින් සියලුම රජයේ සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

Political

විපක්ෂය විසින් ගෙන එන සාධාරණ විවේචන පිළිගෙන වැරදි නිවැරදි කරගැනීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

Political

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

Political

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදය ඉකුත් 13 වනදා ආරම්භ වූ අතර එහි ඡන්ද විමසීම අද පස්වරු 05 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. 2022 වසරට අදාළ අයවැය යෝජනා ඉකුත් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය හෙට සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.