යෝජිත තනතුරු පද්ධතිය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා දෙකක්.
ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ අත්දැකීම් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමත්, ඔවුන්ගේ වෘත්තීය දායකත්වයට නිසි පිළිගැනීමක් ලබාදීමත් අරමුණු කරගනිමින්, ‘Intermediate Cadre’ (Middle Grade) තනතුරු පද්ධතියක් හඳුන්වාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් මත සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පුළුල් අධ්‍යයනයක් සිදුකර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇත. එම කමිටුව මඟින් වෘත්තීය සමිතිවල අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (ACMOA) නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡා දෙකක් ඊයේ (12) පැවැත්විණි.
මෙරට රෝහල් පද්ධතියේ සේවා කාර්යක්ෂමතාව සහ රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වෛද්‍ය නිලධාරීන්ගේ සායනික දැනුම, වෘත්තීය පරිණතභාවය සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඵලදායී ලෙස යොදාගැනීමේ වැදගත්කම මෙහිදී අවධානයට ලක් විය. ඒ අනුව, යෝජිත තනතුරු පද්ධතියේ අරමුණු, එය ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගත යුතු වෘත්තීය හා ප්‍රායෝගික කරුණු සහ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවලට එය ගැළපෙන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදී.
අදාළ වෘත්තීය සමිති විසින් රැස්කරනු ලැබූ තොරතුරු සහ ඉදිරිපත් කළ යෝජනා ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් යෝජිත තනතුරු පද්ධතිය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
රෝහල් පද්ධතියේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය සහ රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාර සේවාවන් සැපයීම තහවුරු කිරීමේදී වෛද්‍යවරුන්ගේ සායනික දැනුම, වෘත්තීය පරිණතභාවය සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඵලදායී ලෙස යොදාගැනීම අතිශය වැදගත් වේ. එමෙන්ම, වෛද්‍යවරුන්ගේ වෘත්තීය දක්ෂතා සහ අත්දැකීම්වලට ගැළපෙන වගකීම් හා වෘත්තීය ප්‍රගමන අවස්ථා ඇති කිරීම මඟින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් වඩාත් ඵලදායීව කළමනාකරණය කිරීමට ද අවස්ථාව සැලසේ. ඒ අනුව, යෝජිත තනතුරු පද්ධතියේ අරමුණු, එය ක්‍රියාත්මක කිරීමේදී සැලකිල්ලට ගත යුතු වෘත්තීය හා ප්‍රායෝගික කරුණු සහ මෙරට රෝහල් පද්ධතියේ අවශ්‍යතාවලට එය ගැළපෙන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදී.
මෙම සාකච්ඡා සඳහා අදාළ විශේෂඥ කමිටුව නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය නියෝජනය කරමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අමිල සුරංග සහ වෛද්‍ය සී. එස්. ධර්මරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව, ලේකම් වෛද්‍ය යූ. බී. වරකගොඩ සහ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අජිත් කුමාර සහ ලේකම් වෛද්‍ය චින්තක හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් මහත්ම මහත්මීන් ද එම වෘත්තීය සංගම්වල නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.