Saturday, October 10, 2026
Follow Us
2027 දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන සැමරීමට සූදානම්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා හමුවී, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ 2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සංවත්සරයන් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කිරීමටත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් වැදගත් අවස්ථාවක් වන බව සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.