මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කරමින් මෙහෙයවිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ 2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධාන කළ සැමරුමක් ඊයේ (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේ පැවති අවස්ථාවේදී අදහස් දක්වමිනි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරුනේ "සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬින්, යථාර්ථවාදී වෙනසක්!" යන්න තේමා කරගනිමිනි.
මෙම අවස්ථාව අමතමින් අමාත්‍යතුමිය මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළාය.
"මානසික සෞඛ්‍ය සංවර්ධනය වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් ලෙස දකිමින් එය ඊට පමණක් සීමා කරමින් කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන අතර අප එය සමාජ විද්‍යාත්මකව විග්‍රහ කළ යුතුයි.
විශාල සමූහයක් මධ්‍යයේ වුව එකිනෙකා හුදෙකළාව ජීවත් වීම අද වන විට පොදු සහ සුලභ තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා.
කුටුම්භයක් තුළ මව, පියා, දරුවන් පවුලක් ලෙස සිතීම නැවත ආරම්භ කළ යුතුයි.
ගැටළුවක් ඇති වූ පසු සුවපත් කිරීමට පෙර ගැටළු ඇතිවන පසුබිම් හඳුනාගෙන එ පසුබිම් සුවපත් කිරීමට අවධානය යොමු කිරීම කළයුතුයි.”
ඉන් අනතුරුව උපදේශන නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් වෙනුවෙන් විශේෂ රංග චිකිත්සක අභ්‍යාස පුහුණු සැසියක් ද පැවැත්විණි.