Saturday, January 03, 2026
Follow Us
නැවත විදුලිය බිඳ වැටීමක් නැහැ - ඇමති ලොකුගේ සහතික වෙයි

නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට අද (08) විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික විය.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය,ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ගේ සංගමය,විදුලි අධිකාරීවරුන්ගේ සංගමයත් එකඟ වී ඇත්තේ නැවත විදුලිය බිඳ වැටීමකට නොයන තත්ත්වයකට කටයුතු කිරීමට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙන බවද ලොකුගේ මහතා කියා සිටියේය.

(LNW)