Saturday, January 03, 2026
Follow Us
හදිසි තීන්දු බෑ. නිකම්ම එළියට බැහැලා අමාරුවේ වැටෙන්න අපි සූදානම් නෑ - දයාසිරිත් රිවස් එකට

ආණ්ඩුවෙන් එළියට බැසීමේ තීන්දුව ගැනීම යනු පහසු කාරණයක් නොවන බවත් නිවැරදි තක්සේරුවකින් තොරව ආණ්ඩුවෙන් එළියට ගොස් අමාරුවේ වැටෙන්නට තම පක්ෂය සූදානම් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

"තීන්දුව ගන්න එක එකපාරට හදිස්සියේ කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. පස්මහ බැලුම් බලලා, හරියට තීන්දුවක් ගන්න ඕනෙ. නිකම් ගිහිල්ලා අමාරුවෙ වැටෙන්න අපි සූදානම් නෑ. ඔබතුමාලා ඔය මයික් එකක් දික්කරලා අහන තරම් හයියෙන් අපට තීරණ ගන්න බෑ.

දැන් ඔය අපට කියලා තියෙනවානෙ එළියට තල්ලු කරනවා කියලා. එහෙම එළියට තල්ලු කරනවා නම් ඉතිං අපි 14 දෙනා විතරක් නෙවෙයි, තව පක්ෂ 12ක් අපිත් එක්ක ඉන්නවා"

ප්‍රශ්නය - ලැජ්ජා නැද්ද තාමත් ඔය ආණ්ඩුවේ රැඳිලා ඉන්න ?

"පොල් කෝම්බත් ආවානෙ ලංකාවෙ පාර්ලිමේන්තුවට. ගැහුවොත් ගහන එක තමයි අපටත් කරන්න තියෙන්නෙ ඉතිං වෙන කරන්න දෙයක් නෑ. ඒක විසඳාගන්න ඕනෙ නායක මට්ටමින්"

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)