විමල් වීරවංශ,උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු යුගදනවි මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට සහය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විරෝධතා ගොණු කර තිබේ.
මෙම අමාත්‍යවරු ආණ්ඩු පක්ෂය නියෝජනය කළද යුගදනවි ගිවිසුමට විරෝධය පළකළ අතර ඔවුන් අවධාරණය කරන්නේ එම ගිවිසුම වහාම හකුළා ගත යුතු බවයි.
ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේ ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහය නොගෙන පෞද්ගලික නීතිඥයින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය.
යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ New Fortress Energy සමාගම අතර ඇතිකරගත් ගිවිසුම් අභියෝගයට ලක්කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර ඇත්තේ.
(LNW)