පාර්ලිමේන්තු සැසිවාර සඳහා අද සිට යළි සහභාගී වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස බල කරමින් ඉකුත් දින දෙකේදී අයවැය විවාදයට සහභාගී වීමෙන් වැලකී සිටියා. නිවාස අමාත්‍යංශයේ විවාදය සඳහා සහභාගී නොවීමේ අරමුණින් පාර්ලිමේන්තුවට නොපැමිණි බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා.
(Neth)