Saturday, January 03, 2026
Follow Us
කථානායකගෙන් සාධාරණයක් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා - කිරිඇල්ල

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් කථානායකවරයා නිසි මැදිහත්වීමක් නොකළොත් මෙම ප්‍රශ්නය අකමැත්තෙන් වුවද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන යාමට සිදුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

ඒ, අද (08) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

තවදුරටත් මෙම පාර්ලිමේන්තුව මිරිස් කුඩු කල්ලියට පාලනය කිරීමට ඉඩ දිය නොහැකි බවයි කිරිඇල්ල මහතා කියාසිටියේ.

පසුගිය පාර්ලිමේන්තුවද විනාශ කළේ මෙම මිරිස් කුඩු කල්ලිය බවටයි ඔහු චෝදනා කළේ.

මෙහිදී විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ඊයේ දිනයේදීත් කථානායකතුමන්ගෙන් ඉල්ලා සිටියේ මින් ඉදිරියට සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන පසුගිය දිනවල සිදු වූ ආකාරයේ සිදුවීම් යළි සිදුනොවීමට සහතිකයක් දෙන ලෙස යන්නයි.

(LNW)