Tuesday, April 23, 2024
Follow Us
බිම් මට්ටමෙන් දිගටම අනතුරු හැඟවීම් : පොහොට්ටුව හොරණදීත් අයවැය පරදී !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි හොරණ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

අයවැයට විරුද්ධව ඡන්ද 25ක් ලැබී ඇති අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 21ක් පමණි.

එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පසුගිය සතිය තුළ පළාත් පාලන ආයතන කිහිපයකදීම මේ ආකාරයෙන් අයවැය ඡන්ද විමසීම් වලදී පරාජයට පත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුවිය.

(LNW)