Saturday, January 03, 2026
Follow Us
සමගි ජනබලවේගය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද දිනයේද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව සමගි ජනබලවේගය පවසනවා. ඒ, පාර්ලිමේන්තුව තුල සිය මන්ත්‍රීවරුන්ට නිසි ආරක්‍ෂාවක් නොමැති බව පවසමින්. සමගි ජනබලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ සිය මන්ති‘්‍රවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කථානායකවරයාට අද ලිපියක් භාරදෙන බවයි.

සමගි ජනබලවේගයේ කථිකයින් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ දිවා ආහාර දක්වා පමණක් සීමා වුණා.

(Neth)