Thursday, April 25, 2024
Follow Us
ගරු කථානායක තුමාගේ අණසක මේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතුයි - සභානායක දිනේෂ්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අණසක පාර්ලිමේන්තුව තුළ පිහිටුවිය යුතු බවත් පාර්ලිමේන්තුව ගමන් කළ යුත්තේ ඒ අණසක මත බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

"ගරු කථානායක තුමාගේ අණසක මේ පාර්ලිමේන්තුවේ පිහිටුවිය යුතුයි. ඒ අණසක මතයි පාර්ලිමේන්තුව ගමන් කරන්න තියෙන්නෙ.

අපට විවිධ තැන්වල කරදර වෙන්න පුළුවන්. ඔබතුමා වෙත පැමිණිල්ලක් ලැබෙනවා නම් ඒ පැමිණිල්ල පරීක්ෂා කිරීමේ අයිතිය ඔබතුමාගේ අතේ තියෙන කාර්යයක් මිසක් අපිට ඒ වෙනුවෙන් අවසාන තීරණය දෙන්න පුළුවන් සම්ප්‍රදායක් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නැහැ.

එදා යම් යම් අය ගිහිල්ලා පොලිසි වලට කිව්වා. කථානායක තුමාගේ ලේකම්වරුන් හැසිරිච්ච විදිහ ඡායාරූපගත වෙලා තිබුණා වීඩියෝ වල. ඒ කිසිවක් කැඳෙව්වෙ නෑ පොලිසිය. මම පොලිසියට ගරු කරනවා පරීක්ෂණයක් පැවැත්වුවා කියලා සටහන් කිරීම ගැන. නමුත් ඒ අවස්ථාවේදී කථානායක තුමාගේ ලේකම්තුමා කොහොමද මේ සභාගර්භයට ආවෙ ? ඒවා හරියි කියලා තර්ක කරපු අය, පිට අය මේ සභාගර්භයට එන්න බෑ කියන එකයි ඔබතුමා කිව්වෙ අද උදේ. කිසිවෙකුත් පිට කෙනෙක්. තමන්ගේ පුටුවෙන් නැගිට ඒ පුටුවේ සිට ගමන් කරනවා නම් ඔහු තවදුරටත් තමන්ගේ අසුනේ නෙවෙයි කියලායි. විරුද්ධ පක්ෂයටත් වේදනාවෙන් ඉන්නෙ, අපිත් වේදනාවෙන් ඉන්නෙ. ඔබතුමා තවදුරටත් ආරක්ෂා කරගන්න බැරි තත්වයට මේ ආරම්භ කරපු හැසිරිල්ල නවත්වන්න. එය කළ යුතුමයි කථානායක තුමනි"

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමිනි.

(LNW)