විරෝධතාවේ නිරත මන්ත්‍රීන්ට අගමැති කිව්ව දේ මෙන්න
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට අද (06) පෙරවරුවේ ගොස් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.
විරෝධතාවක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු බව එහිදී අග්‍රාමාත්‍යවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.
විවිධ වකවානුවල තමන් සමඟ දේශපාලන සටන්වලට එක්වූ මන්ත්‍රීවරුන් සමග අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ද සිහිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා එතැනින් නික්ම ගොස් තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු මන්ත්‍රී පිරිසක් සමඟ අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුහද කතා බහක නිරතව තිබේ.
(Aruna)