කේක් එකක් ලස්සන කරන්න අයිසිං මල් වගේම කොළත් අවශ්‍යයි. ඒ නිසා අද අපි රෝස මලින් හැඩකරන කේක් එකකට අවශ්‍ය වන රෝස කොළය සාදාගන්නා ආකාරය ඉගෙන ගනිමු.
ත්‍රිමාණ එම්බ්‍රොයිඩරි කලාවේ විස්මය කියන රිබන් එම්බ්‍රොයිඩරි පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ලබා දෙන අතිරේක පෙළේ තවත් කොටසකි මේ. අද අපි රැලි කිරීමෙන් තවත් මල් කිහිපයක් සකසන ආකාරය බලමු.
බෞද්ධ ජනයාට වඩාත් සුවිශේෂී කාල වකවානුවක් ලෙස වස්සාන සමය එසේත් නැතිනම් වස් තුන් මස හඳුන්වා දිය හැකියි. සෑම විහාරස්ථානයකම පාහේ පිංකම්වලින් අඩුවක් නැති මේ කාලයේ සෑම විටකම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිහින්.
පාට පාටින් පිපී හිනැහෙන ඩේසි මල් කොමලියන් සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. අයිසිං මල් කලාවෙන් මේ මල් හැඩ කරගන්නා ආකාරය කියාදෙන්නයි අපේ මේ සූදානම.
හිරු සමඟ සිනා සලමින් පිපී හිනැහෙන සූරියකාන්ත මල අපූර්ව සුන්දරත්වයක් ගෙන දෙන කුසුමකි. මේ සුන්දර කුසුම එම්බ්‍රොයිඩරි කලාවේ දී කතුන්ට ද අගනා තේමාවකි. බලන්න, මේ ලස්සන මලින් එළිය වුණු කුෂන් කවර පෙළ මොනතරම් හැඩකාරදැයි කියලා. මේ විස්මිත රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ අපූර්වත්වයයි. අප සූරියකාන්ත මල මසාගන්නා ආකාරය පසුගිය දිනෙක ඔබට පහදා දුන්නා. ඒ මතකය අලුත් කරමින් මේ නිර්මාණ කරගන්න.
බතික් කලාව හ බතික් කලාව හැදෑරීමට ඔබට මඟ කියන අපගේ බතික් පාඩම් මාලාවෙහි පසුගිය පාඩම් වලදී අප ඔබට වැට් ඩයි ක්‍රමය පිළිබඳ කියාදුන්නෙමු.
මල් ලොව අග රැජන රෝස කුසුමත් එකිනෙකට වෙනස් රූ රටා මවයි. අයිසිං මල් කලාවෙන් ද අපිට විවිධ හැඩයන්ගේ රෝස මල්වලට ජීවය දිය හැකියි. ඒ නිසා අද ඕපන් රෝස මලක් හදාගන්න කියලා දෙනවා. බලන්න, මේ මල අයිසිංවලින් හදලා කියලා කියන්නත් බැහැ නේද? හරියට ස්වාභාවික මලක් වගේමයි.
පැච්පොයින්ට් කලාවෙන් නිමවෙන සාරි ඔසරි සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එකකින් එකක්ම පමණක් දැකගත හැකි මේ සාරි විලාසිතාවන් පාඨක ඔබට ආගන්තුක නැත.
රෑට ඇවිත් හූම්.. හූම්.. ගාන බකමූණා අපේ සිඟිත්තන්ට නම් සුරතලෙක් නෙමේ. පියාපත්වල දුඹුරු වර්ණයත් ලොකු ඇස් දෙකත් නිසා සුරතල් පෙනුමක් ගෙනෙන්නෙත් නැහැ.
තරුණි පාඨක ඔබට පමණක් ම අප විසින් ලබාදුන් නොමිලේ නිෙවසේ සිටම බතික් කලාව හැදැරීමේ අවස්ථාව තරුණී පාඨකයන් ඉමහත් ආදරයෙන් වැළඳගෙන තිබීම සතුටට කාරණයකි.
තරුණී මැහුම් පොත හරහා අද විමසුමට ලක් කරන්නේ පැච්වර්ක් කාලව හදෑරීමේ මූලික පියවරයි. ඇඳුම් හෝ වෙනත් දේවල් මසා ඉතිරිවන රෙදි කැබලිවලින් පාන හරඹය අපිට පැච්වර්ක් කලාවෙන් දැකගත හැකියි.
එදිනෙදා ගමන් බිමන් යනවිට ගෙනයන්න හෑන්ඩ්ලූම් රෙද්දෙන් මැසූ බෑගයකි. මෙවැනි බෑගයක් වෙළෙඳපොළෙන් මිලදී ගන්නවාට වඩා ඔබේ අතින්ම මසාගත හැකිනම් එහි වටිනාකම ඉහළයි. ඒ වගේම මසා ගන්නත් පහසුයි.
බතික් ඇඳුමට පැළඳුමට මෙන්ම බතික් වලින් සකස් කරන බෑග් ආභරණ බිත්ති සැරසලි කුෂන් ආදි උපාංග වලට ද ඉහළ ඉල්ලුමක් ඇති මේ කාලයෙහි තරුණී වෙතින්ම පමණක් ඔබට පිදෙන බතික් පාඩම් මාලාවෙහි නවතම හඳුන්වා දීම බතික් බෑගයයි. ඉතා අලංකාර ලෙස නවීන විලාසිතාවකට අනුව නිමවා ඇති මේ බතික් බෑගය ඔබේ විලාසිතාවට එක්කර ගැනීමට කදිමයි. ඒ වගේම මෙය ස්වයං රැකියාවක් ලෙස ද ඔබේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්හදා බැලීමට ද හැකි තවත් එක් නිර්මාණාත්මක පියවරකි. ඔබ මෙය ස්වයං රැකියාවක් ලෙස කරන්නේ නම් මේ බෑගය පාදක කරගෙන ඔබේ නිර්මාණශීලී බව තුළින් වඩාත් ආකර්ශනීය ලෙස බෑග් මසාගන්න පුළුවන්.
කාර්යබහුල දවසේ විඩාව මොහොතකට සංසිඳුවාලන්නට ඉඟුරු මිශ්‍ර තේ් කෝප්පයකට ඇති හැකියාව මොනතරම් ද? එපමණක් නොව මහවැසි ඇදහැලෙන වෙලාවක ගතට දැනෙන සීතල පලවා හරින්නටත් ඉඟුරු යහමින් යෙදූ තේ කෝප්පයකට ඇත්තේ අපූරු හැකියාවකි.
කොරෝනා වසංගතයත් සමඟම මෙරට ඉඟුරු පරිභෝජනයත් ඉහළ ගියා. ඒ නිසාම වෙළෙඳපොළ තුළ ඉඟුරු සඳහා හොඳ වටිනාකමක් මෙන්ම ඉහළ ඉල්ලුමක් ද ඇති වුණා. ඒවාගේම බොහෝ දෙනෙක් තමන්ට හැකි පරිදි ඉඟුරු ගස් කිහිපයක් හෝ වගා කරන්නට පෙළඹුණා. තට්ටු නිවාසයක ජීවත්වන පුද්ගලයා පවා බඳුනක හෝ ඉඟුරු පඳුරක් වවාගන්නට අමතක කළේ නැහැ.
අද අපි තවත් ලස්සන රේන්දයක් ගොතන ආකාරය ගෙන එනවා. එය ඕකිඩ් මලක අනුරුව ගත් පෙති තුනේ ඕකිඩ් මලකි.
ඖෂධයක් මෙන්ම දේශීය රසකාරකයක් වූ ඉඟුරු සඳහා කවදත් ඉහළ ඉල්ලුමක් පවතිනවා. විශේෂයෙන්ම රස පදමට ආහාර පිසින්නට, ඇඟට දැනෙන්නට උණුසුම් තේ කෝප්පයක් පිළියෙල කරන්නට අපේ ගෘහණියන්ට ඉඟුරු කැබැල්ලක් දෙකක් නැතුවම බැහැ.
Page 23 of 25