Thursday, March 28, 2024
Follow Us
ගමනට බිමනට කදිම බෑගයක්

එදිනෙදා ගමන් බිමන් යනවිට ගෙනයන්න හෑන්ඩ්ලූම් රෙද්දෙන් මැසූ බෑගයකි. මෙවැනි බෑගයක් වෙළෙඳපොළෙන් මිලදී ගන්නවාට වඩා ඔබේ අතින්ම මසාගත හැකිනම් එහි වටිනාකම ඉහළයි. ඒ වගේම මසා ගන්නත් පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

හෑන්ඩ්ලූම් රෙදි මීටර් ½ ක්

ලයිනිං මීටර් ½ ක්

ෂිපර් අඟල් 18 ක්

නොම්බර 05 ෂිපර් හෙඩ් එකක්

වෙළෙඳපොළෙන් ලබාගත් හැඬල්

ජෝඩුවක්

නිර්මාණය කිරීම

පළමුවෙන්ම ඒ රූපයේ පෙනෙන ආකාරයට මිමිවලට අනුව කොටුවක් ඇඳගන්න. ඉන්පසු ඕ රූප සටහනේ පෙනෙන ආකාරයට ඒ කොටුවේ දිග පැත්තෙහි එනම් අඟල් 18 හි හරි මැද ලකුණුකර, ලකුණු කරගත් තැන සිට අඟල් 2 ක් පහළට ලකුණුකර රූප සටහනේ පෙනෙන ආකාරයට පතරොම සාදා ගන්න.

 

උපදෙස්

බෑග් නිර්මාණ ශිල්පිනී

දීපිකා රාජපක්ෂ

(Tharunie)