Sunday, February 15, 2026
Follow Us
පෙති තුනේ ඕකිඩ් මල් රේන්දය

අද අපි තවත් ලස්සන රේන්දයක් ගොතන ආකාරය ගෙන එනවා. එය ඕකිඩ් මලක අනුරුව ගත් පෙති තුනේ ඕකිඩ් මලකි.

අවශ්‍ය ද්‍රව්‍ය

පර්ල් කොට්න් අංක 20 ඝනකම

සහිත කැමැති වර්ණයක නූල්

අංක 1.25 ගොතන කටුව

ගොතන ආකාරය

1. පළමුව ඔබ දම්වැල් හයක් ගොතා රවුමක් සාදා ගන්න.

2. එය තුළට දෙපට පිරවිලි දෙකක් සහ දම්වැල් දෙකක් ගොතා යලිත් දෙපට පිරවිලි දෙකක් යොදන්න. මේ පළමු පෙත්තයි.

3. දැන් දම්වැල් අටක් ගොතා ගෙතුම අනික් පස හරවා ගෙන පෙර ගෙතූ දම්වැල් දෙකේ හිස්තැනට දෙපට පිරවිලි දෙකක්, දම්වැල් දෙකක් හා නැවත දෙපට පිරවිලි දෙකක් යොදන්න. මේ දෙවැනි පෙත්තයි.

උපදෙස්

වූල් ගෙතුම් හා නූල් රේන්ද ගෙතුම්

නිර්මාණ ශිල්පිනී කේ. එම්. දර්ශනී

(Tharunie)