Wednesday, May 01, 2024
Follow Us
ස්වාභාවිකත්වයට ළංවූ ඕපන් රෝස මල

මල් ලොව අග රැජන රෝස කුසුමත් එකිනෙකට වෙනස් රූ රටා මවයි. අයිසිං මල් කලාවෙන් ද අපිට විවිධ හැඩයන්ගේ රෝස මල්වලට ජීවය දිය හැකියි. ඒ නිසා අද ඕපන් රෝස මලක් හදාගන්න කියලා දෙනවා. බලන්න, මේ මල අයිසිංවලින් හදලා කියලා කියන්නත් බැහැ නේද? හරියට ස්වාභාවික මලක් වගේමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

රෝස පෙති කටරය

ෆොගෙට් මී නොට් කටරය

ගේජ් 30 කම්බි

රෝස, කොළ, කහ ඩස්ටිං පවුඩර්

නිර්මාණය කිරීම

පළමුව ඔබට අවශ්‍ය වර්ණයෙන් අයිසිං බෝලයක් සාදාගෙන ඒ මැදින් ගේජ් 30 කම්බි කොටසක් දමන්න. පසුව අයිසිං බෝලය දිගටි හැඩයට සාදා ගන්න. ඒ මත මහත ටූලය තබා දෙපසට අදින්න. පසුව රෝස පෙති කටරය තබා මල් පෙත්ත කපා ගන්න. එය පළමුවැනි ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වේවි. දැන් එම පෙත්ත මත රෝස වර්ණ ඩස්ටිං පවුඩර් තවරන්න. එම පෙත්තේ යටට කොළ කහ වර්ණ මිශ්‍රකර ආලේප කරන්න. පසුව රෝස වේනරය ගෙන මල් පෙත්ත වේනර් කරන්න. නැතිනම් ටූත් පික් එකකින් ඉරි සිටින සේ ඇඳගන්න. දෙවැනි ඡායාරූපයෙන් එය ඔබට පැහැදිලි වේවි.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

(Tharunie)