Friday, March 29, 2024
Follow Us
බතික් නිර්මාණටයකින් අලංකාර වුණු අත් බෑගයක් මසමු

බතික් ඇඳුමට පැළඳුමට මෙන්ම බතික් වලින් සකස් කරන බෑග් ආභරණ බිත්ති සැරසලි කුෂන් ආදි උපාංග වලට ද ඉහළ ඉල්ලුමක් ඇති මේ කාලයෙහි තරුණී වෙතින්ම පමණක් ඔබට පිදෙන බතික් පාඩම් මාලාවෙහි නවතම හඳුන්වා දීම බතික් බෑගයයි. ඉතා අලංකාර ලෙස නවීන විලාසිතාවකට අනුව නිමවා ඇති මේ බතික් බෑගය ඔබේ විලාසිතාවට එක්කර ගැනීමට කදිමයි. ඒ වගේම මෙය ස්වයං රැකියාවක් ලෙස ද ඔබේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අත්හදා බැලීමට ද හැකි තවත් එක් නිර්මාණාත්මක පියවරකි. ඔබ මෙය ස්වයං රැකියාවක් ලෙස කරන්නේ නම් මේ බෑගය පාදක කරගෙන ඔබේ නිර්මාණශීලී බව තුළින් වඩාත් ආකර්ශනීය ලෙස බෑග් මසාගන්න පුළුවන්.

බතික් බෑගය මැසීමට අවශ්‍ය ද්‍රව්‍ය

* මීටර් 1 ක කපු රෙද්දක් ( බතික් කිරීමට )

* කතුරක්

*පතරොම ඇඳ ගැනීමට හාඩ් බෝර්ඩ්

( ඩචපඤ ඡධචපඤ ) එකක්

* කාබන් කොළයක්

* රෙදි පින්තාරු කරන තීන්ත

( ටචඡපඪජ නචඪදබ )

*ලයිනින් සඳහා රෙදි මීටර් 1 ක්

*ඊවා ශීට්ස් මීටර් 1 ක්

*හෑන්ඩ්ල් 2 ක්

* ෂිපර් එකක් (ඛඪනනඥප)

පළමුව මීටරයේ කපු රෙද්ද ගෙන පෙර පාඩම් වල කියාදුන් ආකාරයට රෙද්ද සම්පූර්ණයෙන්ම ඉටිකරගන්න. ඉන්පසු සාදාගත් ඩයි මිශ්‍රණයක මිනිත්තු 20 ක් තබා ඉවතට ගෙන සෝදා උණු වතුර යොදා ඉටි ඉවත්කර ගන්න. දැන් හොඳින් සෝදා මඳ පවනේ වේලා ගන්න. දැන් බෑගය නිර්මාණයට බතික් රෙද්ද සූදානම්. ( අප අද ඉදිරිපත් කරනු ලබන බෑගය සඳහා යොදාගෙන ඇත්තේ කළු පැහැති ඩයි යොදා බතික් කරගත් රෙද්දකි ) මෙහි වර්ණ ඔබේ කැමැත්ත අනුව යොදා ගත හැකිය.

බෑගය සාදා ගැනීමේ දෙවැනි පියවර වන්නේ රෙද්ද මත පතරොම් තබා රෙදි කැබලි කපා ගැනීමයි. මුලින්ම බතික් කරගත් රෙද්දෙන් බෑගයෙහි බඳ සඳහා අඟල් 12 ය 18 ප්‍රමාණයේ රෙදි කැබැලි කොටස් දෙකක් කපා ගන්න. බෑගයේ පතුල සඳහා අඟල් 4 ය 121/2 ප්‍රමාණයේ රෙදි කොටස් 1 ක් සහ ෂිපර් එක ඇල්ලීම සඳහා අගල් 18 ය121/2 ප්‍රමාණයේ රෙදි කැබැලි 2 ක් කපා ගන්න. හැඬල් එක සඳහා අඟල් 41/2 ය 21/2 කොටස් 4ක් කපා ගන්න.

දෙවනුව ලයිනින් සඳහා තෝරාගත් රෙද්දෙන් අඟල් 15 ය 18 ප්‍රමාණයේ රෙදි කැබැලි 2 ක් කපාගන්න බෑගයෙහි පතුල සඳහා ඊවා ශීට්ස් එකෙන් අඟල්් 4 ය 121/2 ප්‍රමාණයේ කොටස් දෙකක් කපාගන්න. මෙලෙස කපාගත් සියලු රෙදි කොටස් ජායාරූප වල පෙනෙන ආකාරයට පසකින් තබන්න.

බෑගය මැසීමේ තුන්වැනි පියවර වන්නේ බෑගයෙහි ඉදිරිපස අලංකාර කර ගැනීමයි. මේ සඳහා බෑගයෙහි බඳ කොටස සඳහා කපාගත් අඟල් 12 ය 18 ප්‍රමාණයේ රෙදි කැබැලි දෙකෙන් එකක් ගෙන බෑගයෙහි ඉදිරිපස අලංකාර කිරීමට මෝස්තරයක් හෝ රූපයක් තෝරාගෙන එම රූපය යටින් කාබන් කොළය තබා රෙද්ද මත පිටපත් කරගන්න. දෙවනුව රෙදිපින්තාරු තීන්තෙන් එම රූපය වර්ණ ගන්වා ගන්න

( ජායාරූපයෙහි පෙනෙන පරිදි )

හතර වැනි පියවර වන්නේ බෑගය මැසීමයි.

පළමුව ලයිනින් සඳහා කපාගත් රෙදි කැබැලි දෙකට ෂිපර් එක ඇල්ලීමට බතික් රෙද්දෙන් කපාගත් රෙදි කොටස් දෙක (18 ය 121/2 ප්‍රමාණයේ ) තබා මසා ගන්න.

දෙවනුව බෑගයෙහි බඳ කොටස සඳහා කපාගත් ඊවා ෂීට්ස් කොටස් දෙක ( 12 ය 18 ප්‍රමාණයේ ) හා බතික් රෙද්දෙන් කපාගත් බඳ කොටස් දෙක ( 12 ය 18 ප්‍රමාණයේ ) එකට තබා මසාගන්න.

එසේ මසාගත් කොටසට බෑගයෙහි පතුල සඳහා කපාගත් ඊවා ෂීට් කොටස් 2 ( අඟල්්

4 ය121/2 ප්‍රමාණයේ ) බතික් රෙදි කොටසත්

( 4 ය 121/2 ප්‍රමාණයේ ) එකට තබා මසාගන්න ( ජායාරූප වෙත අවධානය යොමු කරන්න ) පස් වැනි පියවර ලෙස අප මසාගත් ලයිනින් ෂිපර් කොටසත් බෑගයෙහි බඳ කොටසත් එකට තබා මසාගන්න.

(මසන ආකාරය ජයාරූප වල දක්වා ඇත) අවසානයෙහි බෑගයේ හැඬලය සඳහා කපාගත් අඟල් ( 41/2 ය 21/2 ප්‍රමාණයේ ) කොටස් 4 යොදා ගනිමින් හැඬල් කොටස් දෙක බෑගයට සම්බන්ධ කරගන්න ( මේ සඳහා ඔබගේ කමැත්ත පරිදි හැඬලය යොදාගත හැකිය )

ජායාරූප - ආසිරි උපේන්ද්‍ර ඩයස්

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

(Tharunie)