බහ තෝරන වයසේ පසුවන පුංචි පැටවුන් නිරන්තරයෙන් රසවිඳින, ගායනා කරන අපූරු කවියකි මේ. ඉතින් ආදරණීය පොඩිත්තාගේ උපන්දින කේක් නිර්මාණය ලෙස මේ කවියේ සඳහන්වන අලංකාර බස් එක තිළිණ කළහොත් එය ඔහුට පුදුමාකාර සතුටක් වේවි. විශේෂයෙන්ම ලොකු කුඩා වාහනවලට දැඩි ලෙස රුචිකත්වයක් දක්වන පුංචි පුතුගේ දෙවැනි උපන්දිනයටයි මෙය නිර්මාණය කරගෙන ඇත්තේ.
- Details
රන්වන් වරල් සලමින් එහා මෙහා පිහිනා යන සුරතල් මාළු යාළුවන්ට පුංචි පුතු කොයිතරම් මනාපද? ඔවුන්ගේ දඟකාරකම් බලමින්, පුංචි අත්පොඩි සලමින් පැය ගාණක් වුවත් ඔහු කාලය ගත කරාවි. ඉතින් ඒ අපූරු මාළු යාළුවෝ එකතු කරන් නිර්මාණය කළ මේ අලංකාර කේක් එක පුතුගේ උපන් දිනයට ලැබෙන වටිනාම තිළිණයක් වේවි.
- Details
ආහාරයක හෝ පානයක රසට වඩා වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද? ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන නිතරම කතා කළත් පාන වර්ග ගැන නම් කතා බහ කරනවා අඩුයි. ඒ නිසාම අපි හිතුවා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ඔබට කියලා දෙන්න.
උපදෙස්
සූපවේදී සර්වදර්ශනී අප්සරා
පිපිඤ්ඤා ලෙමනේඩ්
උණුකර නිවාගත් වතුර
චොප්කර ගත් පිපිඤ්ඤා ගෙඩි දෙකක්
ලෙමන් ගෙඩි දෙකක යුෂ
මී පැණි තේ හැඳි 4ක්
ග්‍රීන් ටී
අවශ්‍ය නම් අයිස් කැට
පළමුව චොප් කළ පිපිඤ්ඤාවලට වතුර එකතු කරන්න. ඉන්පසු ලෙමන් යුෂවලට මී පැණි සහ ග්‍රීන් ටී ස්වප්ලයක් එක්කර වෙනම මිශ්‍රණයක් සකසා ගන්න. දැන් පිපිඤ්ඤා වතුර සහ එම මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. ඔබට සෙම් අමාරු නැතිනම් පමණක් අයිස් කැට එකතුකර පානය කරන්න.
Tharunie
Page 16 of 44

















