Friday, May 01, 2026
Follow Us
ඇමරිකන් කෝන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

උණුවතුර කෝප්ප 1ක්

ස්වීට් කෝන් ග්‍රෑම් 200ක්

කපාගත් පිපිඤ්ඤා ගෙඩි 1/4ක්

චොප්කරගත් තක්කාලි ගෙඩි 1ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ මේසහැඳි 2ක්

චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

ලෙමන් යුෂ ස්වල්පයක්

ඔලිව්තෙල් මේසහැඳි 2ක්

වතුර ටික භාජනයකට දාලා කෝන් ටික දාලා හොඳට තම්බගන්න.

දැන් වතුර පෙරලා බෝල් එකකට දාගන්න.

අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.