Friday, May 01, 2026
Follow Us
කෝන් චීස් ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

තම්බාගත් කෝන් ඇට කෝප්ප 1ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

චොප්කරගත් සුදුලූනූ බික් 3ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

පාන්පිටි කෝප්ප 1/4ක්

ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්

කෑලිමිරිස් තේහැඳි 1ක්

ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/4ක්

කිරි කෝප්ප 1/4ක්

බටර් ස්වල්පයක්

බෝල් එකකට කිරි හා බටර් හැර අනික් සියල්ලම දාලා කලවම් කරගන්න.

මේකට කිරි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න.

පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට මිශ්‍රණයෙන් ටික ටික දාලා තුනී කරලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

Tharunie