Friday, May 01, 2026
Follow Us
චිකන් සලාද - සරල රාත්‍රී කෑම වේලක්

අවශ්‍ය ද්‍රව්‍ය

සලාද කොළ කෝප්ප 1ක්

ලොකු ලූනූ ගෙඩි 2ක්

මිදි කෝප්ප 1/2 ක්

සැල්දිරි කෝප්ප 1ක්

චිකන් බ්‍රෙස්ට් 1ක්

ලුණු සහ ගම්මිරිස් රස පදමට

ඔලිව් තෙල් මේස හැඳි 3ක්

විනාකිරි මේස හැඳි 1ක්

මී පැණි මේස හැඳි 2ක්

සුදුලූනූ පේස්ට් මේස හැඳි 1ක්

අබ පේස්ට් මේස හැඳි 1ක්

යෝගට් මේස හැඳි 2ක්

පළමුව චිකන් බ්‍රෙස්ට් එක අඩු ගින්දරේ තම්බා ගන්න.

භාජනයකට ඔලිව් තෙල්, විනාකිරි, සුදුලූනූ සහ අබ පේස්ට් දමා එකට කලවම් කරන්න.

යෝගට් ද දමා නැවත කලවම් කරන්න.

තම්බා ගත් චිකන් ළිපෙන් බා කටු ඉවත්කර කැබලි කපා ගන්න.

ඔලිව් තෙල්වලින් බැද ගන්න.

සලාද කොළ, සැල්දිරි, ලූනූ සහ මිදි භාජනයකට අසුරා ගන්න.

ඒ මතට චිකන් දමා ඊට උඩින් යෝගට් මිශ්‍රණය දමාගන්න.

Tharunie