Tuesday, May 14, 2024
Follow Us
පැණි පොප්කෝන්

අවශ්‍ය ද්‍රව්‍ය

බඩ ඉරිඟු ඇට කෝප්පයක්

පොල්තෙල් මේස හැඳි දෙකක්

ලුණු තේ හැඳි 1/2ක්

සීනි කෝප්පයක්

වතුර මේස හැඳි 08ක් පමණ

ආහාර වර්ණක (කැමැති වර්ණයක්)

වැනිලා බිංදු 2 -3ක්

* භාජනයක් ගෙන එයට තෙල් සහ ලුණු දමා මඳ ගින්දරේ ළිපෙන් තබන්න.

* තෙල්, ලුණු මිශ්‍රණය රත්වන විට බඩ ඉරිඟු ඇට දමා හොඳින් මිශ්‍ර කරන්න.

* දැන් බඩ ඉරිඟු ඇට මඳක් මැල වී එකින් එක පිපිරීමට පටන් ගනී. එවිට භාජනය හොඳින් වැසෙන පියනකින් වසාගන්න.

* ඉරිඟු ඇට පිපිරෙන හඬ නැවතුණු විට ළිපේ ගින්දර නිවා දමන්න.

* පියන ඇර පිපිරුණු පොප්කෝන් බඳුනකට දමාගන්න.

* නැවත භාජනයක් ළිපේ තබා එයට සීනි දමාගන්න.

* සීනි රත් වීගෙන එන විට වතුර ටික එකතු කරන්න. අනතුරුව වැනිලා, වර්ණකය ද එකතුකර මඳ ගින්දරේ විනාඩි 4- 6ක් පමණ රත්වන්නට හරින්න.

* මේ සීනි මිශ්‍රණය උකු වී නූලක් සේ ඇදෙන විට ළිපෙන් බාගන්න.

* සිනි මිශ්‍රණය මඳක් නිවුණු පසු කලින් සකසා ගත් පොප්කෝන් එයට දමා හොඳින් සිනී මිශ්‍රණයේ දැවටෙන සේ කලවම්කර පිළිගන්වන්න.

* සුළං නොවදින සේ අසුරා තබා කෑමට ගන්න.

Tharunie