කතරගම දේවාලයට පූජා කර තිබූ රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපු මහතා ඇතුළු සෙසු කපු මහතුන්ගේ දුරකතන දත්ත පරීක්‍ෂා කිරීමට තිස්සමහාරාම අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අවසර ලබාදී තිබෙනවා. එම රන් තැටිය අතුරුදන්වීමත් සමග විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා එන් එම් ජී අජිත් පුෂ්පකුමාර නමැති අයෙකු මෙම අතුරුදන් වූ රන් තැටියට සමාන රන් තැටියක් ගෙනැවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදී තිබුණා.
රසායනික පොහොර ආනයනයට තවත් මාස 3 ක පමණ කාලයක් ගත වනු ඇතැයි වාර්තා වනවා. දැනට ලෝක වෙළදපොලේ පවතින රසායනික පොහොරවල හිගයද ඊට හේතුව බවයි පොහොර ආනයන සමාගම් නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරඟය අතරමග නතර කිරීමට සිදුවුණා. ඒවන විට පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 224 ක් රැස්කරගෙන සිටියා.
සිය ඉල්ලීම්වලට සතියක් තුළ විසදුම් නොලැබුණොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු වෘත්තිය සමිති 15 ක් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් ඊයේ උදෑසන හතේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.
තමන් කටයුතු කළේ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත බවත්, ඒ නිසා තමන් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී නොවන බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ. ඒ. සුමිත් මහතා පවසනවා. නීතිවිරෝධී දෙයක් සිදු නොකළ නිසා තමාගේ තනතුරට කිසිදු ගැටලුවක් නොමැති බැවින් ධුරය අත්හැර ගෙදර යාමේ අවශ්‍යතාවයක්ද නොමැති බවයි ඔහු පවසන්නේ.
පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කර ගන්නා තෙක් සිය අරගලය අත්නොහරින බව කොළඹ අගරදගුරු මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් වෙනවා. දෙසැම්බර් 08 වැනිදා දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
Page 327 of 745