Tuesday, February 24, 2026
Follow Us
ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ වැසි

සබරගමුව පළාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 02 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙනවා.

(Neth)