Friday, July 04, 2025
Follow Us
බස්නාහිර යාචකයන් හිඟා කන්නේ කැමැත්තෙන්

හිඟමනේ යෙදෙන්නන් ගැන කළ අලුත්ම අනාවරණය


කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ මාර්ගවල සැරිසරන යාචකයන් 671ක් සිටින බවත් එයින් හිඟමන අතහැර වැඩිහිටි නිවාසයකට යාමට කැමැත්ත පළකර ඇත්තේ 104ක් බවත් අනාවරණය වී ඇත.

මෙයින් බහුතරයක් ව්‍යාපාරයක් ලෙස හිඟමනේ යෙදෙන බවද පොලිස් බුද්ධි අංශ යොදවා කළ විශේෂ සමීක්ෂණයකදේ හෙළි වී ඇත. යාචකයන්ගෙන් 321දෙනෙකුම දෙමාපිය භාරකරුවන් සිටින අතර ඉන් 274ක්ම විවාහකයන්ය.

දැනට හඳුනාගෙන සිටින යාචකයින් 671 දෙනොගෙන් 193 දෙනෙකුම කාන්තාවන්ය. මෙම යාචකයන්ගෙන් බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් 509ක්ද, උතුරු නැඟෙනහිරින් ආ සිව්දෙනෙකුත් සිටින අතර සෙසු පිරිස මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ, ඌව, උතුරුමැද පළාත් වලින් බස්නාහිර පළාතට සංක්‍රමණය වූවන්ය.

මෙම පිරිස අතර අපරාධවලට සම්බන්ධ වූවන් ඇත්දැයි හඳුනා ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සියලුම යාචකයන්ගේ ඇඟිලි සලකුණු වාර්තා ලබාගැනීමට හා පොලිස් ස්ථානවල ගොනුවක් තබා ගැනීමට කටයුතු යොදා ඇත.

(Aruna)