Tuesday, February 24, 2026
Follow Us
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු රැස් කළ හැටි මෙන්න


සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තේය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂොන් විලියම්ස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 5වන ශතකය වාර්තා කිරීමට සමත් විය.

රෙජිස් චකබ්වා ලකුණු 72ක් රැස් කළේය.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 69කට කඩුලු 3ක් සහ ජෙෆ්රි වැන්ඩසේ හා නුවන් ප්‍රදීප් ද කඩුලු 02 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් තුළ කඩුලු 5 දැවී ජයග්‍රහණය වාර්තා කළේය

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිශ්ශංක ලකුණු 75ක් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 71ක් රැස්කළේය

(Aruna)