Friday, July 04, 2025
Follow Us
ඉන්ධන අර්බුධය මැද විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින්.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි නව සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම මෙන්ම පත් කළ නව සාමාන්‍යාධිකාරීවරයාගේ පෙර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන්ද තමන්ට ගැටලු පවතින බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත ජනනාත් දයාරත්න සඳහන් කළේ.

හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයටද නිසි විසදුම් ලබා නොදුනොහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා යොමුවන බවයි ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු චරිත ජනනාත් දයාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ එළඹෙන මාර්තු මාසයේ සිට පැය 04ක විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ ප්‍රකාශ කළේ.

(Neth)