Tuesday, February 24, 2026
Follow Us
කාන්තාවන් සිය දිවි නසාගැනිමේ ප්‍රවණතාවක්

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක කාන්තාවන්ගෙන් කළ ඉල්ලීම


සැමියන් සමග ඇති කරගන්නා ගැටලු හේතුවෙන් කාන්තාවන් සිරුරුට ගිනිතබාගෙන සිය දිවි නසාගැනිමේ ප්‍රවණතාවක් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක නීතිඥ ඉරේෂා සමරවීර අරුණට පැවසුවාය.

අවුරුදු තිහත් හතළිහත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවන් මෙලෙස ගිනිතබාගෙන සිය දිවි නසාගැනීමට පෙලඹී ඇති බව ඇය ප්‍රකාශ කළාය.

සිය සැමියන් සමග ඇති කරගන්නා සුළු ගැටලුවලට පසුව සැමියන් බියගැන්වීමේ අරමුණින් මෙම කාන්තාවන් සිරුරුට ගිනි තබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙලෙස සිරුරට ගිනි තබා ගෙන කොළඹ ජාතික රෝහලට පසුගිය වසර තුළ පැමිණි කාන්තාවන් විසිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර ප්‍රකාශ කළාය.
මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් සුළු සුළු ගැටලුවලදී මෙවැනි භායානක තීරණ ගැනීමෙන් වළකින ලෙසත් ඇය කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

(Aruna)