පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබාගතහොත් ඉදිරි යල කන්නයේදී වී වගාවටද බලපෑම් එල්ල විය හැකි බව සහල් නිෂ්පාදකයින් පවසනවා.
වී ගොවිතැන සඳහා නිසි ලෙස ජලය නොමැති වුවහොත් ගොවීන් තවත් අසීරුතාවකට පත්වනු ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ.
පෙර පැවති වර්ෂවල හිමිවූ වී අස්වැන්න ලබා ගැනීමට නම් ගොවීන් සුපුරුදු පොහොර රටාවට අනුගත කළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
(Neth)