Friday, July 04, 2025
Follow Us
කාලෙකට පස්සේ සතුටු වෙන අය

වසර 9ක් අරගල කළ ලබාගත් දෙයක්

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බව, ලංකා ගුරු සංගමය සඳහන් කළා.

වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ මෙලෙස අදාළ සේවා සංවෘත සේවාවන් බවට පත් කිරීමට අරගලයක් සිදුකළ බවයි එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරමින් ඊයේ (14) දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර පසුගිය වසරේ අගෝස්තු මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පසුගියදා ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබූ අතර, විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමෙන් ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් ඉටුවනවා.

(Aruna)