Tuesday, February 24, 2026
Follow Us
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් සටන අදින් ඇරඹේ

තරග තුනම මහනුවරදි


තරග තුනකින් සමන්විත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරග ලෙස එම තරග තුනම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙනුත් සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙනුත් තරග වදිනු ඇත.

දෙවැනි තරගය ජනවාරි 18 වනදාත් 03 වන තරගය ජනවාරි මස 21 වනදා පැවැත් වේ.

(Aruna)