Friday, July 04, 2025
Follow Us
ඩොලර් නොමැතිව කන්ටේනර් 1,700ක් තවමත් කොළඹ වරායේ

පවතින ඩොලර් හිගය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ තවදුරටත් සිරවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු වෙත සිය ඩොලර් සංචිත මුදා හැර නොමැති බවයි එම සංගමය පවසන්නේ. කෙසේවෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් වරායෙන් මුදා හැරීම සඳහා මහ බැංකුව අවශ්‍ය මැදිහත් වීම් සිදු කරන බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් සිය සමාජිකයින් අසීරුතාවන්ට මුහුණපා ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)