මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන තවත් ඉහළට
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයන් 182ගේ සාම්පල වාර්තාවලින් 160 දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බවයි.
එම ආසාදිතයින්ගෙන් බහුතරයක් කටුනායක ගුවන් තොටුපොළ හරහා විදේශ ගත වීමට පැමිණි කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවයි.
මේ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ යනු ඇත.
(Aruna)