ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියා. ඒ, තියුණු තරඟයකින් ඊයේ රාත්‍රියේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී ලකුණු 04 කින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.
අද දිනය තුළ දැවි තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටස ද ක්‍රියාවිරහිත වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “ඒ” කොටස මේ වන විටත් අක්‍රියයි. එහි විදුලි ජනන කටයුතු නතර කෙරුණේ අද උදෑසනයි.
Page 318 of 768