Monday, July 07, 2025
Follow Us
කොළඹ කොරෝනා මරණ අතර බූස්ටර් ගත් කිසිවෙකුත් නොමැති බවට ප්‍රකාශයක්

ජනවාරී 01වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයින්ගෙන් බූස්ටර් එන්නත ලබා ගත් කිසිදු පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී නොමැති බව කොළඹ මහ නගර සභාව පවසනවා.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සෞඛ්‍ය ප්‍රවර්ධණ කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. මෙතෙක් තමන්ට අදාල මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට කඩිනමින් එම මාත්‍රාව ලබා ගන්නා ලෙසටද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,473ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

(Neth)