ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම රටවැසීමෙන් හෝ නීති දැඩි කිරීමෙන් සිදු කළ නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
එය පාලනය කළ හැක්කේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පමණක් බවයි නියොජ්්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.
ඊයේ දිනයේද මෙරටින් අලුතෙන් කොවිඩ් ආසාදිතයින් 1,181 දෙනෙකු හඳුනා ගැණුනා. එය සැලකෙන්නේ අඛණ්ඩව කොවිඩ් ආසාදිතයින් දහසේ සීමාව පසු කළ පස්වන දිනය ලෙසයි.
(Neth)