Monday, February 23, 2026
Follow Us
බිරිඳ සැමියාගේ ගෙල සිර කරයි

පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයෙන් විමර්ශන


පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හොරණ මල් බෙරිගම නිවසක් තුළ දී බිරිඳ විසින් සිය සැමියා ඝාතනය කර තිබෙනවා.

සැමියාගේ ගෙල කමිසයකින් සිරකර නිදි යහන මතදී ඝාතනය කර ඇති බවයි හොරණ පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 30හැවිරිදි වසන්ත කුමාර නමැති එක් දරු පියෙක්.

ඔහු හිටපු හමුදා සෙබලෙකු බවද පොලිසිය පැවසුවා.

දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව රාත්‍රී නින්ද සඳහා ඇදට ගොස් සිටියදී බිරිඳ මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරි බිරිඳ හොරණ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය සිදුකෙරෙනවා.

(Aruna)