Tuesday, May 21, 2024
Follow Us
ජනවාරියේ ඩෙංගු රෝගීන් 7,000 පනී

වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිරින්


මේ වසරේ ගත වු පළමු මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි.

මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබීම විශේෂත්වයකි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේය.

ඊට අමතරව වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල ද ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

(Aruna)