Monday, July 07, 2025
Follow Us
මාලිංගත් කැංගරු දේශයට

2020 තරගයේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස


ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ලසිත් මේ වන විට ඔස්ට්‍රේලියාවේ සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට තමන් සිඩ්නි වෙත ගමන් කරන බවත් පැය කිහිපයකින් කණ්ඩායම සමගින් එක්වන බවත් ලසිත් මාලිංග සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

(Aruna)