Monday, February 23, 2026
Follow Us
 ශ්‍රී ලංකාව පාකිස්ථානය හමුවේ පරාජය වෙයි

බිඳ වැටුණු බලාපොරොත්තුව

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5වන ස්ථානය සඳහා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය හමුවේ ලකුණු 238කින් පරාජයට පත්වී තිබෙනවා.

නියමිත පන්දුවාර 50දී කඩුළු 3ක් දැවී ලකුණු 365ක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

නායක ක්වාසීම් අක්‍රම් පන්දු 80කදී නොදැවී ලකුණු 135ක් සහ හසීබුල්ලා කාන් ලකුණු 136ක් ලබාගත්තා.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 127කට දැවී ගියා.

විනුජ රන්පුල් නොදැවී ලකුණු 53ක් සහ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ද පාකිස්තාන නායක ක්වාසීම් අක්‍රම් කඩුළු 5ක් දවාගත් අතර 19න් පහළ ලෝක කුසලාන තරගයකදී ශතකයක් සහ කඩුළු 5ක් දවාගත් පළමු ක්‍රීඩකයා ලෙස ඔහු සැලකෙනවා.

(Aruna)