අභිමානවත් සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී
74 වැනි නිදහස් සැමරුම අදයි.
අද කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී නිදහස් දින උත්සවය අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.
මෙවර නිදහස් සැමරුමේ තේමාව වන්නේ ‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක්, සෞභාග්‍යමත් දේශයක්‘ යන්නයි.
අද පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීමත් සමග නිදහස් උළෙලේ කටයුතු ආරම්භවීමට නියමිතයි.
ජාතිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.
ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම්වල අංග ඉන් අනතුරුව පැවැත්වෙයි.
ඒ සඳහා 6,500ක භට පිරිසක් සහ සන්නද්ධ රථ 111ක් සහභාගී කරගැනීමට නියමිතයි.
සැමරුම් උළෙලේදී ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට ගුවන් යානා 26ක් යොදාගන්නා බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පැවසුවා.
නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී දේශය වෙනුවෙන් ආචර වෙඩි මුර 25ක් පිරිනැමීම දහවල් 12ට සිදුකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළා.
උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ 3,000ක් පමණ පිරිසක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවා.
(Aruna)