Friday, April 10, 2026
Follow Us
රාජ්‍ය නිදහස් උළෙලට කාදිනල් හිමි සහභාගී නොවීමේ තීරණයක්!

රාජ්‍ය නිදහස් දින උළෙලට අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළහ.

එමෙන්ම සුපුරුදු පරිදි සෑම නිදහස් දිනකම බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පවතී ජාතික නිදහස් දේව මෙහෙයද මෙවර නොපවත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇති බවයි සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ.

විශේෂයෙන් පසුගිය දිනක එම දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධව මුනි වැනි අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් එවැනි දේට සම්බන්ධ නැති බවට පැහැදිලිවී තිබියදීත් තවදුරටත් රඳවා තබා ගනිමින් සිදුකරන තලා පෙළා දැමීම්වලට විරෝධය දක්වමිනුයි මෙලෙස දේව මෙහෙයන් නොපැවැත්වීමට කාදිනල් හිමියන් තීරණය කර ඇත්තේ.

(LNW)