Monday, February 23, 2026
Follow Us
ඉන්ධන නොමැතිවීමෙන් කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී

ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක්. ඉන්ධන නොමැතිවීමෙන් එලෙස අක්‍රීය වූයේ සංයුක්ත චක්‍ර බලාගාරය, ජී පී 7 සහ ජී පී 16 යන බලාගාර බවයි විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළේ සතියක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එකගතාව පළ කළ බවයි.

කෙසේවෙතත් එලෙස බලාගාර අක්‍රීයවීමෙන් විදුලි සැපයුමට බාධාවක් නොවනු ඇති බවටයි විදුලි ඉංජිනේරුවන් විශ්වාස කරන්නේ.

ඒ, නොරොච්චෝලේ බලාගාරය ඊයේ සිට යළි ආරම්භ කිරීම හේතුවෙන්. ඉන් ජාතික විදුලි පද්ධතියට එක්කරන මෙගාවොට් ප්‍රමාණය 300 ක්.

(Neth)