Friday, May 17, 2024
Follow Us
වාහන ගැන ආනයනකරුවන් කියන දේ මෙන්න

වාහනයක් ගන්න බලන් ඉන්න අයට අසුභ ආරංචියක්


වාහන ආනයනය රජය කිසියම් දිනක ආරම්භ කළ ද මේ වන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසයි.

භාණ්ඩයක් හිඟ වන විට මිල වැඩි වන්නේ යැයි කියන න්‍යාය වාහනවලට මේ වන විට බලපා ඇති අතර රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය ඉහළ යෑම වාහන මිල අධික ලෙස ඉහළ යෑමට හේතු වී ඇති බව ඔහු පවසයි.

මෙම තත්වයෙන් ගැලවීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම නිසා වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සඳහා ද ඩොලර් නොමැති තත්වයක් තුළ වාහන ආනයනය කළ නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(Aruna)