Monday, July 07, 2025
Follow Us
බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් තිදෙනෙක් නිදහස් කෙරේ

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටි එම දේවස්ථානයේ සේවකයකු ඇතුළු තිදෙනෙකු නිදහස් කරන ලෙස අද (02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන්ව නිදහස් කරන ලෙසයි. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එක් අයෙකු සහ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි දෙදෙනෙකු නිදහස් කරන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික වෛද්‍යවරයාව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන අතර ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය අද අවසර ලබාදී ඇත.

(LNW)