කොළඹ වරායේ සිරවී ඇති ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් පිළිබද තොරතුරු සහිත වාර්තාවක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය විසින් වෙළද අමාත්‍යාංශය වෙත භාරදී තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිටියේ අදාළ වාර්තාව වෙළද අමාත්‍යාංශය මගින් සහතික කර අවශ්‍ය ඩොලර් මුදාහැරීම සදහා මහබැංකුවට ඉදිරිපත් කරනු ඇති බවයි.
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මකයි.
ලසිත් මාලිංග සිය කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස එක්වීම කණ්ඩායමට විශාල ශක්තියක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ වෙළඳුන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන මේවනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී නිළධාරීන් වැඩි පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
Whilst it was revealed that there has been 79,904 traffic offences, 461 accidents and seven fatal accidents in expressways in 2021, the Chief Government Whip and Highways Minister Johnston Fernando has instructed Head of Expressway Traffic Police SSP Chintaka Gunaratne to find ways and means to minimise these offences and accidents.
පසුගිය සතිය තුළදී ඩෙංගු රෝගීන් 925 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් රෝගීන් 220 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. 07 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.
සෞඛ්‍ය වෘත්තීය විද්වතුන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. අද දිනයේ හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක සාමාජිකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරත වන බවයි එම සංගමය පැවසුවේ.
A 14-hour water cut would be imposed in several areas in Colombo this evening (9) from 4.00 pm to 6.00 am tomorrow (10) due to urgent pipeline repair work on the Ja-Ela road, the National Water Supply & Drainage Board (NWSDB) said.
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට වාර්තා පළ වනවා.
Page 277 of 732