Friday, December 26, 2025
Follow Us
 හදිසියේ මුහුදට ගොඩ ගැසූ දේ

අවුරුද්දකට පසු මතු වූ එක්ස්ප්‍රස් පර්ල්


ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදු පතුලේ තැම්පත් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසරකට පසුවත් වෙරළ තීරයට ගොඩගසා තිබේ.

ඒ පමුණුගම සරක්කුව වෙරළ තීරයටය.

එබැවින් ඒ අවට යළිත් දැඩි පරිසර හානියක් සිදුවී ඇති බවට වාර්තා වී තිබේ.

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි කර ඇති ” එක්ස්ප්‍රස් පර්ස් ” නෞකාව පසුගිය වසරේ මැයි මස 20 වනදා කොළඹ වාරයට නාවික සැතපුම් 9.5ක දුරින් මුහුදු ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක් වී ඇත.

අනතුරුව නැව මුහුදුබත් වූයේ විශාල පරිසර හානියක්ද සිදුකරමින්ය.

එම අනතුරෙන් වසරකට පසු එලෙස ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී පිටවූ ප්ලාස්ටික් ද්‍රව්‍ය පමුණුගම සරක්කුව මුහුදු ප්‍රදේශයේ වෙරළ තීරයට මෙලෙස ගොඩගසා ඇත.

මේ අතර වත්තල , උස්වැටකෙයියාව තල්දියවත්ත ලුනාව මෝයේ ධීවරයන්ගේ දැල්වල පුළුන් වැනි ද්‍රව්‍යයක් රැඳීම හේතුවෙන් ඒවා විනාශයට පත්වී ඇති බවට ද ධීවරයින් චෝදනා කර තිබේ.

(Aruna)