කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය වසරේ පැවති විවාහක රූ රැජිණ තරඟයේදී කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ, කලහකාරී ලෙස ගලවා තුවාල සිදු කළේ යැයි කියන තවත් විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඉන්ධන මිල ඉහළ දැමීම හා අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළයාම හේතුවෙන් සිය ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි.
බොරැල්ල සියල් ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබිණි.
සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් අද සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියා. ළහිරු තිරිමාන්න කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
මෙරට වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්‍රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.
Page 278 of 746