පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමෙන් පසු නව මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.
සබරගමුව පළාතේත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 21,720 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ, ඊයේ දිනයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 1,331 දෙනා ද සමඟයි.
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවෙමින් සිටී. අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.
දුම්මලසූරිය, යගම්වෙල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාශ භාර නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Page 278 of 732