Friday, December 26, 2025
Follow Us
 “අන්තිමට අයියා-මලෝ ශේප් වෙයි. ඔයාටයි අමාරුවේ වැටෙන්න වෙන්නෙ”

විමල් වීරවංශගෙන් ප්‍රකාශයක්


ගාලු මුවදොර අරගලයට පහර දීම සහ ඉන් අනතුරුව රටේ ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ, ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිස නතර කිරීමට ජනාධිපතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබුණත් පොලිස්පතිවරයා හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා එය වැලක්වීමට කටයුතු කළ බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්, කලහකාරී අයුරින් ගාලු මුවදොරට ඇතුළු වීමට උත්සහ දරන පිරිස් නැවත්වීම සඳහා අවශ්‍ය විදි විධාන යොදා තිබුණත්, පොලිස්පතිවරයා එය නවත්වන ලෙස උපදෙස් දුන් බවත්, වැඩිදුර විස්තර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා අමතා දැනගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන්ට දන්වා ඇති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට හෙළිදරව් කළා.

මෙහි දී පොලිස්පතිවරයා විසින්, “ඕවා කරන්න එපා ! අමාත්‍යංශ ලේකම්ට කතා කරන්න”යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා ඇති අතර අමාත්‍යංශ ලේකම් කියා ඇත්තේ, “ඕවා කරන්න එපා! ඔතන ඉන්නෙ මහින්ද අගමැතිතුමාගෙ ගෝලයෝ. අන්තිමට අයියා-මලෝ ශේප් වෙයි. ඔයාටයි අමාරුවේ වැටෙන්න වෙන්නෙ” යනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා

(Aruna)